ක්‍රිකට් නිලවරණය අද..

ක්‍රිකට් නිලවරණය අද..

by Staff writer 20-05-2023 | 8:11 AM

COLOMBO (News 1st) - ඉදිරි වසර 2  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීමේ සඳහා වූ නිලවරණය, අද (20) කොළඹදී  පැවැත්වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන 62 වැනි වාර්ෂික මහසභා රැස්වීමේදීයි.

අද දිනයේදී ධුර 7කට නිලධාරීන් තෝරා ගැනීමට සැලසුම්කර තිබෙනවා. 

සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, යන තනතුරු තුනට මෙන්ම උප සභාපති ධුර 2කට, උප ලේකම් ධුරයකට සහ උප භාණ්ඩාගාරික ධුරයකටද අද දිනයේදී සුදුස්සන් තෝරා ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් සභාපති, ශම්මි සිල්වා මහතා සමග එම පාර්ශවයෙන්ම ජයන්ත ධර්මදාස සහ සමන්ත දොඩන්වල යන මහත්වරුන් සභාපති තනතුරට නාම යෝජනා භාර දී තිබේ.

වත්මන් ලේකම් මොහාන් ද සිල්වා, රොෂාන් ඉද්දමල්ගොඩ, සමන්ත දොඩන්වල සහ නලීන් අපෝන්සු යන මහත්වරුන් නාමයෝජනා භාර දී ඇත්තේ, ලේකම් තනතුර සදහායි.

සුජීව ගොඩලියැද්ද සහ ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාර දී ඇත.