English
தமிழ்
කර්තෘ Staff writer
20 May, 2023 | 9:29 am
ඒ නාසා ආයතනය වසර ගණනාවක සිට සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසයි.
🔺 නාසා ආයතනය සිදුකළ මේ පරීක්ෂණය කුමක් ද?
මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ, ගුරුත්වාකර්ෂණ වෙනස්කම් පිළිබඳව නාසා ආයතනය වසර ගණනාවක් තිස්සේ සිදුකළ ග්‍රේස් ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් ලෙසයි.
අමෙරිකානු ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරේෂණ ආයතනය හෙවත් නාසා ආයතනය, 1958 වසරේ සිට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පර්යේෂණ සිදු කරන ලොව ප්‍රධානතම ආයතනයයි.
ඔවුන්ගේ මෙම පර්යේෂණට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ බර, තුර්කියේ සිටින සංචාරකයින්ට වඩා අඩුබව හෙළි වී තිබේ.
මෙම සොයා ගැනීමට පාදක කර තිබෙන්නේ ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජල ඝනත්වය පිළිබඳව ලබාගත් චන්ද්‍රිකා දත්තයි.
🔺 ගුරුත්වාකර්ෂණය අඩු මෙවැනි ස්ථාන ලෝකයේ තවත් තිබෙනවා ද?
නාසා ආයතනයට අනුව ලෝකයේ අඩුම ගුරුත්වාකර්ෂණ බලයක් සහිත ස්ථානවලට ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හැරුණුවිට මාලදිවයිනට නැගෙනහිර දෙසින් පිහිටි ඉන්දියන් සාගරය, හඩ්සන් බොක්ක ආශ්‍රිතව පිහිටි උතුරු කැනඩාව ද අයත් වේ.
🔺 මෙලෙස ලංකාවේ ගුරුත්වාකර්ෂණය අඩු වීමේ වෙනස, දැනෙන්නේ කොහොම ද?
නවතම අධ්‍යනයට අනුව නවසීලන්තයේ සිටින පුද්ගලයෙකුගේ බර කිලෝග්රූම් 68 ක් නම්, ඔහු ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය පැමිණියහොත් ඔහුගේ බර කිලෝග්රූම් 65 ක් වේ,
ඒ අනුව ඔහුගේ බරෙහි අඩු වීම කිලෝග්රූම් 3 කි.
🔺 මේ වෙනස ඇති වීමට හේතුව කුමක් ද?
නාසා සොයාගැනීම්වලට අනුව පෘථිවි කබොලේ ඝණත්වය සහ ලාවා ඝණත්ව මෙම වෙනසට හේතුවයි.
ගුරුත්වාකර්ෂණ බලය වැඩිම ස්ථාන අතරට බොලීවියාව, උතුරු ඇන්ඩීස් කඳුකරය අයත් වේ.
ලාවා ධාරණය වීම වෙනස්වීම සහ පෘථිවි තල වෙනස්වීම මත මෙම තත්ත්වයන් වෙනස්වන බව, නාසා ආයතනය පෙන්වා දෙයි.
22 Sep, 2023 | 06:20 AM
21 Sep, 2023 | 05:08 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS