.webp)
COLOMBO (News 1st) – සුදුසුකම් නොමැති ප්‍රදේශීය සභා ලේකම්වරුන් හා මහ නගර සභා කොමසාරිස්වරුන් වෙනුවට නව නිලධාරීන් පත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, සුදුසුකම් නොමැති එවැනි නිලධාරින් 70ක් පමණ හඳුනා ගෙන ඇති බවයි.
ඔවුන් වෙනුවට සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරින් පත් කිරීම පළාත් ආණ්ඩුකාරවරුන් හරහා සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.