විල්ගමුවේ, පළුපිටිය ගම්මුන්ගේ පිපාසයට නිමාවක්

විල්ගමුවේ, පළුපිටිය ගම්මුන්ගේ බලාපොරොත්තුවක් හැබෑවෙයි...

by Staff writer 19-05-2023 | 9:25 PM

COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහාරාජා සමූහයේ හිටපු සභාපති, ගම්මැද්ද නිර්මාතෘ දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තවත් සමාජ සත්කාරයකට අද (19) මුල පිරුවේ ය.

ඒ, විල්ගමුව පලුපිටිය ජනතාව ගම්මානයේදීයි.

මාතලේ, විල්ගමුව, පලුපිටිය ගම්මානයේ පවුල් 250 කට වැඩි පිරිසක් ජීවත් වෙති.

ගමේ භූගත ජලය අධික ලෙස කිවුලය ලවණතාවය වැඩිය.

ඒ නිසා ගමේ වැඩි දෙනක් වකුගඩු රෝගීන් වී හමාරයි.

පානීය ජලය නොමැතිකම, ගම්මුන්ට වගේම පලුපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ටත් දැඩිව දැණුනු ප්‍රශ්නයකි.

මේ ගැටලුව හඳුනාගත්ත ගම්මැද්ද, හැමෝටම බලාපොරොත්තුවක් එක් කරමින් පිරිසිදු පානීය ජල ව්‍යපෘතියට මුල්පියවර තිබ්බේ මීට මාස 3 කට කළිනි.

ඔවුන්ගේ ගැටලුවට ස්ථිරසාර විසඳුම් ලබා දෙන මේ ජල ව්‍යාපෘතිය විවෘත වුණේ අදයි.

පලුපිටියට ගම්මානයට වගේම ගම්මැද්දටත් අද විශේෂ දවසකි.

ඒ, ගම්මැද්ද නිර්මාතෘ, කැපිටල් මහරාජා සමූහයේ දිවංගත සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ 80 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබීම හේතුවෙනි.

මේ ජල ව්‍යාපෘතිය ජනසතු කෙරෙන්නේ ඊට සමගාමීවයි.

එමෙන්ම ඒ වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපන ලබන ස්වාමීන්වහන්සේලාට පොත්පත් මෙන්ම, පලුපිටිය පාසලේ දරුදැරියන් වෙනුවෙන් පාසල් සපත්තු ප්‍රදානය කිරීම ද සිදු වුණි.

ඒ, වගේම අද ජාතික රණවිරු දිනයයි.

විනාඩියක නිශ්ෂබ්දතාවයකින තිස් වසරක යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමට ද මෙහිදී අමතක කළේ නැත.

අයිඩා සොයිසා භාරය එහි නිර්මාතෘ එච්.අයි.එච්. සොයිසා මෙනවිය සිහිවීම පිණිස මේ ව්‍යාපෘතිය සඳහා දායක්වය සැපවිය.

එය නිමවූයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩුරෝග නිරීක්ෂණ හා පරියේෂණ එකකයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තාක්ෂණික සහයෝගයෙනි.

අයිඩා සොයිසා භාරයේ නිර්මාතෘ දිවංගත එච්.අයි.එච්. සොයිසා මහත්මියට පුණ්‍යානූමෝදනා කිරීමට කටයුතු කෙරුණි.

මේ අවස්ථාවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් තුසිත දිසානායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ජී කරුණාරත්න, අයිඩා සොයිසා භාරය වෙනුවෙන් සුදර්ශන සොයිසා, නාවික හමුදාවේ ලෙෆ්ටිනන් කමාන්ඩර් ඉන්දික පුෂ්පකුමාර, ගම්මැද්ද නායන ෂෙවාන් ඩැනියෙල් සහ ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරල ඇතුළු මහත්ම මහත්මීන් එක්ව සිටියාහ.

පලුපිටිය ජනතාවට තිබබේ එකම හීනයි..

ඒ තමන්ගේ දරුවන් වකුගඩු රෝගීන් නොවෙන්න වගබලාගන්න එක..

අද ඉදන් පලුපිටිය ගම්මුන්ට ඒ හීනය හීනයක්ම නොවනු ඇති.