දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

දිස්ත්‍රික්ක කිහිපයකට සවස හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

by Staff writer 19-05-2023 | 8:17 AM

COLOMBO (News 1st) –  බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද(19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතෙත් බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.