.webp)
දේශීය පුවත්
1. විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් – විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2.පලෙයි සහ වත්තලින් මළ සිරුරු 2ක් සොයා ගැනේ..– පලෙයි , කෝවිල්වයල්, අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
3.පසුගිය වසරේදී අලාභ හානි වූ ලංගම බස් 18ක් ගැන තොරතුරු මූල්‍ය වාර්තාවලින් වසන් කර හෙළි වෙයි..– පසුගිය වසරේදී අලාභ හානි වූ ලංගම බස් රථ 18ක් පිළිබඳ තොරතුරු මූල්‍ය වාර්තාවලින් වසන් කර ඇතැයි විගණන වාර්තාවකින් හෙළි වෙයි.
4.හෙරොයින් තොගයක් සමග 6 දෙනෙකු අත්අඩංගුවට..– හෙරොයින් කිලෝගෑම් 100කට අධික තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
5.ඩුබායි සිට ආනයනය කළ බහාලුමක තිබූ නිකොටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට.. – ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද බහාලුමක තිබී වාෂ්ප දුම් පානය සඳහා භාවිතා කරන නිකොටින් අඩංගු මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට ගෙන තිබේ.
විදෙස් පුවත්
1. ඉක්වදෝර ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හරී – ඉක්වදෝර ජනාධිපති ගියෙමො ලැසෝ එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
ක්‍රීඩා පුවත්
1. ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී කාන්තාවක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ එල්ල වී තිබෙන චෝදනා 4න් 3ක් ඉවත් කර තිබේ.