හෙරොයින් තොගයක් සමග 6 දෙනෙකු අත්අඩංගුවට..

හෙරොයින් තොගයක් සමග 6 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 18-05-2023 | 3:27 PM

COLOMBO (News 1st) –  හෙරොයින් කිලෝගෑම් 100කට අධික තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙකු ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරක් මත අද අලුයම ගාල්ලේ සිට නාවික සැතපුම් 600 කට දුරින් වූ මුහුදේදී සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී බහුදින යාත්ත්‍රාවක් හා සැකකරුවන් අත්තඩංගුවට ගැනුණි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසේකර  මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව මීගමුවේ ප්‍රදේශයේ එකක් බවයි. 

අදාළ සැකකරුවන් සහ හෙරොයින් තොගය මේ වනවිට ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹට වරායට රැගෙන විත් තිබේ.