මරදානේ දුරකතන අලෙවිසැලක ගින්නක්

මරදානේ දුරකතන අලෙවිසැලක ගින්නක්

by Staff writer 18-05-2023 | 10:06 AM

COLOMBO (News 1st) - මරදාන ප්‍රදේශයේ දුරකතන අලෙවිසැලක හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන්  කළේ, ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 3 ක් පිටත් කර හැරී බවයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදු වී නොමැති අතර අදාල වෙළෙඳසැලට සුළු හානි සිදු වී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.