ධනුෂ්කගේ චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

ධනුෂ්ක ගුණතිලකගේ නඩුවේ චෝදනා 4න් 3ක් ඉවත් කෙරේ

by Staff writer 18-05-2023 | 9:05 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාවේදී කාන්තාවක් අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ එල්ල වී තිබෙන චෝදනා 4න් 3ක් ඉවත් කර තිබේ.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවක් අපයෝජනය කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට පත් විය.

පසුව ඔහු දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරුණු අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ ඔහුට එල්ල වී තිබෙන චෝදනා 4න් 3ක් අද ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම නඩුව ලබන මස 13 වැනි දා යළි කැඳවීමට නියමිතයි.