දරුවන් 2ක් කෲරත්වයට පත් කිරීමකට කාන්තාවක් කොටු..

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කිරීමේ සිදුවීමකට කාන්තාවක් අත්අඩංගුවට...

by Staff writer 18-05-2023 | 3:58 PM

COLOMBO (News 1st) –  පෑලියගොඩ ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලීසිය පැවසුවේ, 9 හැවිරිදි ගැහැණු දරුවෙකු හා 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙලෙන පිරිමි දරුවෙකු කෘරත්වයට පත්කොට ඇති බවයි.

ඒ සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දරුවන්ගේ මවයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

සැකකාරිය රැකියාවට ගොස් රෑ බෝ වී නිවසට පැමිණෙන තෙක් දරුවන් දෙදෙනා ඉතා අනාරක්ෂිත ලෙස කාමරයක රඳවා තබා යන බව සඳහන් ය.

ඒ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, පෝෂණය සම්බන්ධයෙන් සහ දරුවන්ගේ අනාරක්ෂිතභාවය මත දරුවන් කෲරත්වයට පත් කිරීමේ වරදට අදාළ කාන්තාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. 

දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරිය අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.