ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි.

by Staff writer 17-05-2023 | 6:53 PM

COLOMBO (News 1st) - භාරතයේ ජනප්‍රිය හින්දි ගීත රැසක් මධුර හඬින් මෙරට රසික ප්‍රජාව වෙනුවෙන් ගැයූ ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අද (17) අභාවප්‍රාප්ත විය.

මියයන විට එ් මහතාගේ  වයස අවුරුදු 73 කි.

1962 ගායන දිවියට අත්පොත් තැබූ ටොනි හසන් මහතා,  පසුබිම් ගායකයෙකු ලෙස මෙරට චිත්‍රපට රැසකට දායක විය.

ටෝනි හසන් මහතා හින්දි ගීත ගායනයට පිවිසියේ, 1964 වසරේ තිරගත වූ දෝසිති චිත්‍රපටයේ ජනප්‍රිය ගීත මෙරට රසිකයින් වෙනුවෙන් ගායනයත් සමගයි.

එතැන් පටන් මෙරට රසිකයින් ටෝනි හසන් මහතාගේ හින්දි ගීත ඇසීමට වඩාත් ප්‍රිය කළේ ය.

කැසට් පට කිහිපයක් ද නිකුත් කර ඇති ටෝනි හසන් මහතා,  ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙකු වූයේ හින්දි ගීත ගායනයේ ඔහු දැක්වූ  නිපුණතාව හේතුවෙනි.

ටෝනි හසන් මහතාගේ දේහය  මහජන ගෞරවය දැක්වීමට සඳහා දෙමටගොඩ, මල්ලිකාරාම පාරේ පිහිටි හම  මහතාගේ නිවසේ මේ වනවිට තැන්පත් කර ඇත.

දේශය පිළිබඳ අවසන් කටයුතු අද  පස්වරුවේ, මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී  සිදු කිරීමට නියමිතයි.