ජෙරම් ආපු ගමන් අත්අඩංගුවට ගන්නවා

දේවගැති ජෙරම් රටින් ගිහින්: ආපු ගමන් අත්අඩංගුවට ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 17-05-2023 | 6:47 PM

COLOMBO (News 1st) - ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කළ බව කියන ප්‍රකාශයට අදාළව මේ වනවිට පුළුල් සංවාදයක් ගොඩ නැගෙමින් තිබේ.

අද මාධ්‍ය හමුවකට සහභාගී වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, පසුගිය ඉරිදා (14)  ඔහු රටින් පිටව ගොස් ඇති බවයි.

අධිකරණ නියෝගයට අනුව, ඔහු නැවත මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මේ අතර සිය සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා ඇති ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සඳහන් කර ඇත්තේ කලින් සැලසුම් කළ  කටයුත්තක් සඳහා විදේශගතව සිටින බවයි.

ලබන ඉරිදා තමන් නැවත පැමිණෙන බව ඔහු සඳහන් කර තිබේ.