පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා

උ/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා ඇරඹේ

by Staff writer 17-05-2023 | 6:27 AM

COLOMBO (News 1st) - උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමේ තවත් අදියරක් ලබන 19 වැනි දා ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ආර්ථික විද්‍යාව, කෘෂි විද්‍යාව, බෞද්ධ ශිෂ්ඨාචාරය ඇතුළු සිසුන් වැඩි පිරිසක් හදාරන විෂයන්වල පිළිතුරු පත් මෙම අදියරේදී පරීක්ෂා කරන බවයි.

ඒ සඳහා පිහිටුවන මධ්‍යස්ථාන සංඛ්‍යාව 32 කි.

මේ වනවිට උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක පිළිතුරු පත් ඇගයීම් අවසන් කර ඇති අතර තවත් විෂයන් 6 පිළිතුරු පත් ඇගයීම මේ දිනවල සිදු කෙරේ.

විද්‍යා විෂයන්ට අදාළ පිළිතුරු පත් ඇගයීම ද කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හා ගුරුවරුන් ඇගයීම් සඳහා අයැදුම් නොකිරීම හේතුවෙන් උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීම් ආරම්භ කිරීම මාස දෙකහමාරකට අධික කාලයක් ප්‍රමාද විය.