.webp)
ඔහු සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය හැකි ඉක්මනින් රෝගී ජනතාව වෙත ලබාදීමට පියවර ගන්නැයි තමන් ඊයේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි.
ඒ අනුව ඖෂධ මිල 10% - 15% ප්‍රමාණයකින් අඩු කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් අද (17) රැස්වීමට නියමිතයි.
ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර කඩිනමින් අමාත්‍යවරයා වෙත ඖෂධ මිල සංශෝධනය පිළිබඳ වාර්තාවක් ලබා දෙන බව ද ඖෂධ මිල පාලන ඒකකය ප්‍රකාශ කළේ ය.