.webp)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමග අද (17) පැවති සාකච්ඡාවකදී යි.
බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදා කර ගත හැකි බව ද, ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.