බයිඩ්න්ගේ ආසියානු සංචාරය අවලංගු වන ලකුණු..

අමෙරිකාවේ ණය ගැටලුව නිසා බයිඩ්න්ගේ ආසියානු සංචාරයත් අවලංගු වන ලකුණු...

by Staff writer 17-05-2023 | 7:57 AM

COLOMBO (News 1st) - අමෙරිකාවේ ණය ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා එරට ජනාධිපති ජෝ බයිඩන් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් එහිදී රාජ්‍ය වියදම් සීමා කිරීම පිළිබඳව එකඟතා රැසකට පැමිණි බවයි.

එම එකඟතා අතර අමෙරිකානු ජනාධිපතිගේ ආසියානු නිල සංචාරය ද අවලංගු කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් කතානායක කෙවින් මැකාති සඳහන් කළේ, මේ වනවිට බලපැවැත්වෙන ණය ලබා ගැනීමේ සීමාව ඉහළ දැමීම පිළිබඳව නිශ්චිත එකඟතාවයකට නොපැමිණි බවයි. 

මෙම සති අන්තයට පෙර ඒ පිළිබඳව අවසන් තීරණයකට පැම්ණෙන බව ද ඔහු සඳහන් කළේ ය. 

ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ, තමන් කිසිවිටකත් එරට බන්කොලොත්භාවයට පත් කිරීමට කටයුතු නොකරන බවයි. 

ණය ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට තමන් සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසීය.