වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර

වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර

by Staff writer 16-05-2023 | 5:54 PM

COLOMBO (News 1st) - වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී එකමුතුව සංවිධාන කළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියෙන් ජල ප්‍රහාර එල්ල විය. 

විරෝධතාවය ආරම්භ වුණේ, විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටින්. 

නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය වනසන වෛද්‍ය උපාධි කඩ ගෙන ඒමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරදවමු යන්න තේමා කර ගනිමින් විරෝධතාවය පැවැත්විය. 

සබරගමුව, මොරටුව, රජරට යන වෛද්‍ය පීඨවල සිසුන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත විය.