.webp)
1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශුරීන් විසින් රචනා කර ඇති මෙම ගීතයේ තනු නිර්මාණය කර ඇත්තේ, විශ්වනාත් ලව්ජි මහතා විසිනි.
සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මෙම ගීතය වසර 120 ක් පමණ ඉපැරණි ගීතයකි.
මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින් එම ගීතය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.