පොලිස් කොමිසම අලුත් වෙයි..

ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින් පත් කෙරේ

by Staff writer 16-05-2023 | 4:48 PM

COLOMBO (News 1st) - ජාතික පොලිස් කොමිසමට නව සාමාජිකයින් පත්කර තිබේ.

ඒ , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඒ අනුව පොලිස් කොමිසමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබේ.

මීට පෙර ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.