සජබ ජනපති අපේක්ෂක ධුරය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේ සජබ අපේක්ෂක ධුරය සජිත් ප්‍රේමදාසට..

by Staff writer 16-05-2023 | 9:01 PM

COLOMBO (News 1st) - සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(16) පස්වරුවේ රැස්විය.

එහිදී එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් විය යුත්තේ, සජිත් ප්‍රේමදාස මහතා බව සුජීව සේනසිංහ මහතා සහ මහ ලේකම් රංජිත් මද්දුම බන්ඩාර යන මහත්වරුන් විසින් යෝජනා කර තිබේ.

කෘත්‍යාධිකාරී මණ්ඩලය එම යෝජනාව ඒකමතිකව අනුමත කර ඇත.

මෙහිදී  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට  පවසා ඇත්තේ, සමගි ජනබලවේගය ප්‍රමුඛ සන්ධානයක් ගොඩනැගීම සඳහා තමන් කටයුතු කරන අතර අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ඊට අදාළ  වගකීම් තමන් විසින් භාර ගන්නා බවයි.