දරුවන් ලක්ෂ 14ක් උදෑසන ආහාරය ගන්නේ නෑ..

පාසල් දරුවන් ලක්ෂ 14ක් උදෑසන ආහාර වේල නොගන්නා බවට අනාවරණයක්..

by Staff writer 15-05-2023 | 6:53 AM

COLOMBO (News 1st) –  මෙරට පාසල් සිසුන්ගෙන් තුනෙන් එකක් උදෑසන ප්‍රමාණවත් ආහාරයක් හෝ කිසිදු ආහාරයක් නොගන්නා බව අනාවරණය වී ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි. 

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ සඳහන් කළේ, එවැනි සිසුන් ලක්ෂ 45ක් පමණ ඒ අතර වන බවයි.

අදාළ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය ඇතැයි ද ඔහු පැවසුවේ ය..