.webp)
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නිතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා සඳහන් කළේ, අද සවස 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ජාව පැවැත්වෙන බවයි.
බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු, දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව තිබේ.
පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ ජාතික මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 5කි.