කොළඹට යොදවා තිබූ විශේෂ ආරක්ෂාව ඉවතට

කොළඹට යොදවා තිබූ විශේෂ ආරක්ෂාව ඉවතට

by Staff writer 15-05-2023 | 5:27 PM

COLOMBO (News 1st) - කොළඹට යොදවා තිබූ විශේෂ ආරක්ෂාව අද (15) උදෑසන සිට ඉවත් කළ බව, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, සාමාන්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

පසුගිය සිකුරාදා රාත්‍රියේ සිට පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් යොදවමින් කොළඹට දැඩි ආරක්ෂාවක් පනවා තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බුද්ධි තොරතුරු මත පදනම්ව එම ක්‍රියාමාර්ගය ගත් බවයි.