.webp)
COLOMBO (News 1st) – නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ, නිල්වලා ගගේ ජල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් පිටබැද්දර ,අකුරැස්ස , මාලිම්බඩ , මාතර , තිහගොඩ සහ කද්දුව - අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර අවදානමක් පවතින බවයි.
මීට අමතරව, ගිං ගගේ ජල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් බද්දේගම, නියාගම, නෙළුව , තවලම, සහ නාගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත් ගංවතුර පිළිබඳව අවදානමක් මතුව ඇතැයි ඔහු සඳහන් කළේ ය.
මේ අතර, පවතින අධික වැසි හේතුවෙන් මාතර පිටබැද්දර ප්‍රදේශයට නායයෑම් පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ, මීට අමතරව ගාල්ල, හම්බන්තොට, කළුතර, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එලෙස නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.
මේ අතර, දකුණු පළාතෙත් ,රත්නපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තාමේන්තුව දැනුම් දෙන්නේ, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින " මෝඛා " සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතුවෙන් දකුණු ප්‍රදේශවල පවතින වැසි බර තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.