ජනපති හෙට විශේෂ සාකච්ඡාවක

උතුරු නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරු හෙට ජනපති සමග සාකච්ඡාවක..

by Staff writer 14-05-2023 | 9:40 AM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව ඇත.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ, හෙට(15) සවස 5.30 ට ජනාධිපති කාර්යාලයේදී  අදාළ  සාකච්ජාව පැවැත්වෙන බවයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු  කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇත.

පසුගිය දෙසැම්බර් සිට මේ දක්වා දෙමළ මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 05ක්.

මේ අතර ඉදියේදී  මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග, ඔවුන් නියෝජනය කරන ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.