සිමෙන්ති මිල පහළට

සිමෙන්ති කොට්ටයක මිල රු 150කින් පහළට

by Staff writer 13-05-2023 | 9:38 PM

COLOMBO (News 1st) - අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි සිමෙන්ති මිල පහළ හෙළිමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

සිමෙන්ති සමාගම් පවසන්නේ, ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින්  පහළ දමන බවයි.

මෙම මිල පහළ දැමීමත් සමග සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2,600කි.