.webp)

කීව් අගනුවර ප්‍රකාශකයින් සඳහන් කළේ, සතියක කාලයක් තුළදී සිය බක්මූත් නගරයේ කිලෝමීටර දෙකක කොටසක් සිය භාරයට ගත් බවයි.
රුසියානු සහ යුක්‍රේන හමුදා බක්මූත් නගරයේ බලය තහවුරු කර ගැනීම සඳහා මාස ගණනාවක සිට දරුණු සටනක නිරත වෙයි.
නමුත් පසුගියදා බක්මූත් නගරයේ ඉදිරි පෙළ සටන් කරමින් සිටි රුසියානු හමුදා කණ්ඩායමක් පළා ගොස් ඇති බවට විවිධ වර්තා පළ විය.
මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, උපායමාර්ගික හේතූන් මත රුසියානු හමුදා කණ්ඩායම වෙනත් ප්‍රදේශයක ස්ථානගත කෙරුණු බවයි.
පතරොම් සහ ආයුධ හිඟයක් හේතුවෙන් බක්මූත් නගරයේ සටන් වදින වැග්නර් කුලී හමුදාවට ද සටන් බිමෙන් ඉවත්ව යෑමට සිදුවනු ඇති බව පසුගිය දා එම කණ්ඩායමේ නායකයා පැවසීය.
