මොඛා ප්‍රචණ්ඩ වෙයි... ප්‍රදේශ රැසකට වැසි...

මොඛා ප්‍රචණ්ඩ වෙයි... ප්‍රදේශ රැසකට වැසි...

by Staff writer 13-05-2023 | 6:32 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින පුරා තද සුළං ද ඇති විය හැකි බවය. 

මේ අතර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මොඛා ඉතා චණ්ඩ සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී හෙට (14) දිනය වන විට ගිනිකොණ දින බංගලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරණ හරහා ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.