මාස 07ක බිළිඳියකට මහ මගදී මරු කැඳවූ නින්ද..

මාස 07ක බිළිඳියකට මහ මගදී මරු කැඳවූ නින්ද..

by Staff writer 13-05-2023 | 10:24 AM

COLOMBO (News 1st) - තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති බිළිඳියක් මියගොස් තිබේ.

හම්බන්තොට සිට තංගල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීසිය පැවසුවේ, ලොරි රථයේ රියැදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ලොරි රථයේ රියැදුරු, වෑන් රථයේ රියැදුරු ඔහුයේ බිරිඳ සහ දියණියන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ. 

අනතුරුව මාස 07 බිළිඳිය මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. 

ලොරි රථයේ රියැදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරු කර යවා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.