ඝාතනය කර වළ දැමූ ගම්පොල තරුණියගේ සිරුර ගොඩ ගනී

ඝාතනය කර වළ දැමූ ගම්පොල තරුණියගේ සිරුර ගොඩ ගනී

by Staff writer 13-05-2023 | 1:31 PM

COLOMBO (News 1st) - ඝාතනය කළ වළ දැමු බව කියන ගම්පොළ, වැලිගල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගෙන තිබේ. 

ඒ, ගම්පොල වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, සැකකාර පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.