උඩ දියලුම සිදුවීම: අත්අඩංගුවට ගත් දෙදෙනා රිමාන්ඩ්.

උඩ දියලුම සිදුවීම: අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 25 දක්වා රිමාන්ඩ්..

by Staff writer 13-05-2023 | 10:13 PM

COLOMBO (News 1st) - කොස්ලන්ද, උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රිය ගත කිරීමේදී වන අලි ප්‍රහාරයකින් තරුණියක් මියගොස් තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, අදාළ යුවලගේ සංචාරක උපදේශකවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙක් සහ කූඩාරම තැනීමට භූමිය සකස් කර දුන් පුද්ගලයෙකි.

වන අලි ගැවසෙන ස්ථානයක් බව දැන දැනම, එම යුවළට අදාළ ස්ථානයේ කුඩාරම් ඉදිකිරීමට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ, සැකකරුවන් අත්අඩංගුවට පත්විය.