.webp)

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සඳහා පිළිගත් සංචාරක මග පෙන්වන්නන්ගේ සහය ලබාගත යුතු බවයි.
කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රිය ගතකළ තරුණ යුවලකට එල්ල වූ වන අලි ප්‍රහාරය සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, දෙස් විදෙස් සංචාරකයින් සඳහා කඳවුරු බිම් පවත්වා ගෙන යාම ඇතුළු සංචාරකයින්ට පහසුකම් සපයන සියලු ස්ථාන ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බවයි.
එසේ ලියාපදිංචි වීමෙන් ඒවා නියාමනයට අධිකාරියට මැදිහත්විය හැකි අතර ඉන් සංචාරකයින්ට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බව ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගොස් කූඩාරමක රාත්‍රියගත කිරීමේදී පෙරේදා තරුණ යුවලකට එල්ල වූ බව කියන වන අලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්ව තරුණයා තුවාල ලැබිණි.
මේ අතර වන අලි ගැවසෙන ස්ථානයක් බව දැන දැනම එම යුවළට අදාළ ස්ථානයේ කූඩාරම් ඉදිකිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (13) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වන අලි පහර දීමෙන් මිය ගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වෙනු ඇති.
