බලාපොරොත්තු දල්වා සිටින්නන්ට අද සිට අස්වැසිල්ලක්..

බලාපොරොත්තු දල්වා සිටින්නන්ට අද සිට අස්වැසිල්ලක්..

by Staff Writer . 12-05-2023 | 8:42 AM

  COLOMBO (News 1st) –  පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම , ගෙදරවැව ගම්මානයේ ජනතාව වෙනුවෙන් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතීයකට අද(12) මුල් ගල තැබේ. 

ඒ,  ගම්මැද්ද තවත් ව්‍යාපෘතියක් ලෙසයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම, ගෙදරවැව ගම්මානය පවුල් 165කට වැඩි සංඛ්‍යාවක් ජීවත් වන දුෂ්කර ගම්මානයකි. 

ගමට පිරිසිදු පානීය ජලය නොමැතිවීම හේතුවෙන් ඔවුන් දශක ගණනාවක සිට පීඩා විඳ තිබේ.  

මෙම ගැටලුව අවස්ථා ගණනාවකදී ගම්මුන් බලධාරීන්ට පැවසුවත් නිසි විසදුමක් ලැබුණෙ නැහැ

ගම්මැද්දෙන්, අද ජල පෙරණ පද්ධතියක් ගෙදරවැව ගමට ලබා දෙන්න මුල පුරන්නේ, ගමේ ජනතාවට අලුත් බලපොරොත්තු එක් කරමින් ය.

ඒ , නෙක්ස්ට් මැනුෆැක්චර් පෞද්ගලික ආයතනය අනුග්‍රාහකත්වයෙන් ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික වකුගඩු රෝග නීරීක්ෂණ හා පර්යේෂණ ඒකකය මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවත් මේ කර්තව්‍ය වෙනුවෙන් දායකත්වය ලබා දෙයි.