ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්න - ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

by Staff writer 12-05-2023 | 3:16 PM

COLOMBO (News 1st) - කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

එහි පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බවයි.