දැරියගේ මරණය:අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු රිමාන්ඩ

කළුතර 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ්..

by Staff Writer . 12-05-2023 | 12:00 PM

 COLOMBO (News 1st) –  කළුතර 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි. 

මේ අතර, දැරියගේ මරණය සම්බන්ධ ඉදිරි විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර දී තිබේ. 

කළුතර ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක පිටුපස තිබී මෙම පැසැල් සිසුවියගේ නිරුවත් මළ සිරුර සොයා ගත්තේ පසුගිය සෙනසුරාදා ය. 

මෙය සියදිවි නසා ගැනීමක් ද එසේත් නැත්නම් ඝාතනයක් ද යන්න තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.