උඩ දියලුම ඛේදවාචකය: දෙදෙනෙකු අත්අඩංගුවට

උඩ දියලුම ඛේදවාචකය වන අලි පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට

by Hashini De Mel 12-05-2023 | 10:14 PM

COLOMBO (News 1st) - කොස්ලන්ද උඩ දියලුම ප්‍රදේශය නැරඹීමට ගිය යුවලකට වන අලි පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ ප්‍රදේශය තුළ වන අලි ගැවසෙන බව දැන සිටියදී යුවලට කඳවුරු බැදීමට අවස්ථාව සලසා දීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

33 සහ 24 හැවිරිදි සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.

ඔවුන් හෙට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.