ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගන්නවා..

ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගන්නවා - පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති

by Staff writer 12-05-2023 | 7:56 AM

 COLOMBO (News 1st) – පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගන්නා බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පවසයි. 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ , එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මොහොමඩ් අසීෆ් ද, ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව හෙළා දැක ඇති බවයි.

ඉම්රාන් ඛාන්ට එවැනි විශේෂ සහනයක් ලබාදෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. 

මේ අතර , එරට අග්‍රාමාත්‍ය ෂබාස් ශරීෆ් පක්ෂ නායකයින් සමග අදාළ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තමාට අමානුෂික ලෙස පහරදුන් බව ද, ඉම්රාන් ඛාන් පවසයි. 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනූව නිදහස ලැබු ඉම්රාන් ඛාන් මේ වන විට ආරක්ෂිත ස්ථානයක රඳවා තිබේ. 

ඔහු අද ඉස්ලාමාබාද් මහාධිකරණයේ නඩු විභාගයට පෙනී සිටීමට නියමිතයි.

ඉම්රාන් ඛාන්ගේ තෙරික් ඊ ඉන්සාෆ් පක්ෂ නායකයා පාක්ෂිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ, අද ඉස්ලාමාබාද් නුවරට පැමිණෙන ලෙසයි.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග ආරම්භ වූ විරෝධතා මෙතෙක් අවසන්ව නැහැ.