.webp)
COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් මේ මස 23 වැනිදා දක්වා මෙරට සංචාරය කරනු ඇති.
මේ වසර තුළ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ සිරිනිවාසන් මහතා ද එක්වන බව එම අරමුදල නිවේදනය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නිලධාරීන් දස දෙනෙකු එම කණ්ඩායමට ඇතුළත් ය.
අදාළ නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිත ය.