පියත්ට සහ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිට ඇප..

පියත් නිකේෂලට සහ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිට ඇප..

by Staff Writer . 11-05-2023 | 6:39 PM

COLOMBO (News 1st) –  අත්අඩංගුවට පත් සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල මහතා සහ කඩුවෙල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා අද(11) පස්වරුවේ ඇප මත මුදා හැරිණ. 

ඒ , මහේස්ත්‍රාත්වරයා අද ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට සහ මුල්ලේරියාව මුලික රෝහල වෙත පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

ඊයේ පස්වරුවේ සිදුවූ පහරදීමකින් පසු සමාජ ක්‍රියාකාරි පියත් නිකේෂල මහතා සහ කඩුවෙල මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා අත්අඩංගුවට ගැනිණ.