කෝටි 2කට මුදලක් වංචා කළ අයෙකු CID අත්අඩංගුවට..

ජා - ඇල පෞද්ගලික රෝහලක රු. කෝටි 2කට මුදලක් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට..

by Staff Writer . 11-05-2023 | 3:40 PM

COLOMBO (News 1st) – ජා - ඇල පෞද්ගලික රෝහලක රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ඔහු එම පෞද්ගලික රෝහලේම මුදල් අයකැමිවරයෙකු වශයෙන් සේවය කරන පුද්ගලයෙකු බව සඳහන් ය.

28 හැවිරිදි සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

සැකකරු අද(11) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කළේ ය.