කළුතර ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට..

කළුතර සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට..

by Staff writer 11-05-2023 | 4:26 PM

COLOMBO (News 1st) –  කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  ලැගුම්හල පවත්වා ගෙන ගිය හිමිකරුගේ බිරිඳ බව සඳහන් ය.

ඇය වයස අවුරුදු 48ක කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකාරිණියකි.

කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ද මේ වනවිට පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටී. 

හික්කඩුවේදී අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගයාන් සහබන්දු නැමති ප්‍රධාන සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකි. 

කළුතර ප්‍රදේශයේ පිහිටි ළැගුම්හලක පිටුපස තිබී 16 හැවිරිදි පැසැල් සිසුවියගේ නිරුවත් මළ සිරුර සොයා ගත්තේ පසුගිය සෙනසුරාදා ය. 

 මෙය සියදිවි නසා ගැනීමක් ද එසේත් නැත්නම් ඝාතනයක් ද යන්න තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේය.