.webp)
COLOMBO (News 1st) – අත්අඩංගුවට පත්ව සිටි පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (11)එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කර තිබේ.
පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවයි.
කෙසේනමුත් ඉම්රාන් ඛාන් මහතා ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ ඉස්ලාමාබාද් අගනුවර සිටින බව විදෙස් මාධ්‍ය සදහන් කළේ ය.
ඉම්රාන් ඛාන් පෙරේදා ඉස්ලාමාබාද් නුවර පිහිටි මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගැණින.
ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති නඩුවකට අදාළව අධිකරණයේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී ය.