වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5 ක් අවලංගුයි

ස්ථානාධිපති වැඩ වර්ජනයෙන් දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කෙරේ

by Staff writer 10-05-2023 | 7:22 AM

COLOMBO (News 1st) - දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද (10) උදෑසන දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එම්. ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කළේ, පුත්තලම මාර්ගයේ එක් දුම්රියක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2 ක්, කුරුණෑගල සිට හා මොරටුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය 2 ක් එලෙස අවලංගු කළ බවයි.

මේ අතර කොළඹ - බදුල්ල උඩරට මැණිකේ දුම්රියක් ද අද අවලංගු කිරීමට සිදුවන බව ඔහු ප්‍රකාශ කළේ ය.

දුම්රිය ස්ථාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) තනතුරට නිලධාරියෙකු පත් කිරීමේ ගැටලුවක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.