.webp)
-530860.jpg)
ඒ අනුව ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 කට වැඩි, තද වැඩි ඇතිවිය හැකි බව අද පස්වරු වේ නිකුත් කළ, ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ප්‍රචණ්ඩ සුළිකුනාටුවක් දක්වා වර්ධනය වීමේ ඉඩක් ඇතැයි ද? කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දෙන්නේ, එම ප්‍රදේශයේ මුහුදු යෑමෙන් වළකින ලෙසයි.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.
