.webp)
තුවාල ලැබූ ඔහු මේ වනවිට වැඩදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පහරදීම සිදුව ඇත්තේ බත්තරමුල්ල, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදීය.
ඔහු තම සේවය නිම කර යළි නිවසට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇත.
පහරදීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති, චන්දික අබේරත්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
ඒ අනුව, මේ පිළිබඳව අප කළ විමසිමකදී කඩුවෙල හිටපු උප නගරාධිපති, චන්දික අබේරත්න මහතා පැවසුවේ, තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල මහතා තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවයි.
එම අවස්ථාවේ තමා නිකේෂල මහතාව හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සාමාජිකයෙකු බව පවසමින්, තමාට බැන වැදුණු බවත් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ගැටමක් ඇතිවූ බවයි.
කෙසේ වෙතත් පහර දීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතාව, පොලීසිය සැකපිට අත්තඩංගුවට ගත්තේය.
ඒ, ඔහු මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
