.webp)
තද සුළං හා මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසයි.
මේ අතර අද (09) පස්වරුවේ හා රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වරින් වර වැසි ඇද හැලුණේ ය.
කාලගුණ අණාවැකියේ දැක්වෙන්නේ බස්නාහිර ,සබරගමුව ,වයඹ පළාත්වලටත් හා ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි.
වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.