දර්ශන හඳුන්ගොඩ CIDයට..

දර්ශන හඳුන්ගොඩ CIDයට..

by Staff writer 08-05-2023 | 12:41 PM

 COLOMBO ( News 1st ) –  සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා අද(08) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබේ.  

ඒ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතුවලට අදාළවයි.

පසුගිය දිනෙක ඔහුගේ YouTube නාලිකාව ඔස්සේ ඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයකට අදාලව, නීතිපති දෙපාර්තමේන්තුව විසින් කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස කැඳවා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.