ගොවීන්ට වවුචරයක් දීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට..

ගොවීන්ට වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට.. මහින්ද අමරවීර

by Staff writer 08-05-2023 | 7:00 AM

COLOMBO ( News 1st ) –  මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට වවුචරයක් දීමේ යෝජනාව, අනුමැතිය සඳහා අද(08) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.  

අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ සඳහා මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිවී ඇති බවයි.‍

අදාළ යෝජනාවට පසුගියදා මුදල් කමිටුවේ ද අනුමැතිය හිමි විය. 

අමාත්‍යවරයා සඳහන් කළේ, එම මුදල් යොදා ගනිමින් යල කන්නයේදී කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට පොහොර මිලදී ගත හැකි බවයි.

එක් කන්නයකදී හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් පොහොර වවුචර් ක්‍රමය ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.