ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 08-05-2023 | 6:46 AM

දේශීය පුවත්

1. තිරිඟු පිටි සඳහා පනවා තිබූ බදු සහනය ඉවතට.. –  තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03ක බදු සහනය ඉවත් කර තිබේ.  

2.මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට කඩිනමින් සාමාජිකයින් පත් කළ යුතුයි – කතානායක  :  මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට කඩිනමින් සාමාජිකයින් පත් කළ යුතු බව කතානායකවරයා සඳහන් කරයි. 

3.A/L තවත් විෂයන් 08ක පිළිතුරු පත්‍ර ඇගයීම අද  සිට.. –  උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

4.කළුතර ලැඟුම්හලක් පිටුපස නිරුවත් කාන්තා මළ සිරුරක්  – දකුණු කළුතර ප්‍රදේශයේ, ගාලු පාරේ ලැඟුම්හලක් පිටුපස දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී, 16 හැවිරිදි  තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

5.සීමා නිර්ණ ජාතික කමිටු අවසන් වාර්තාව මැයි මස තෙවැනි සතියේ – මහින්ද දේශප්‍රිය  – සිය අතුරු වාර්තාව සම්බන්දයෙන් විවිධ පාර්ශ්වවලින් මේ වන විට යෝජනා 400කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි, පළාත් පාලන සීමා නිර්ණ ජාතික කමිටුව පවසයි. 


විදෙස් පුවත්

1. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් 08ක් මරුට.. – අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වෙළෙඳ සංකීර්ණයක ඊයේ (07) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තිබේ.


ක්‍රීඩා පුවත්

1. ගයන්තිකා අබේරත්න 800mන් ලක්මව බබළවයි.. –  ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය