කාලගුණයෙන් නිවේදනයක්..

කාලගුණයෙන් නිවේදනයක්..

by Staff writer 07-05-2023 | 6:42 PM

COLOMBO (News 1st) –  ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වායූ ගෝලයේ කැළඹිලි ස්වභාවය ඉදිරි දින කිහිපයේ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, එම කැළඹිලි ස්වභාවය පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වනු ඇති බවයි.